රජය අධ්‍යාපනයට මුල්තැන දෙමින් රජයෙ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරනවා – ඉරාන් වික්‍රමරත්න මහතා

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 (පස්වැනි වෙන් කළ දිනය) අද(14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර සිටියේ රජය අධ්‍යාපනයට මුල්තැන දෙමින් රජයෙ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මෙවර අයවැයෙන් සුබසාධනයට වෙන් කළ මුදල කිසිලෙසකින් කපා නැති බවයි.

මෙය සංවර්ධනය ආර්ථිකය සීග්‍ර ලෙස වර්ධනය කරන අයවැයක්. එය එසේ වුවත් වෙළඳපොළ නිදහස් කරන යෝජනා තිබුණත්, ජීවත් වෙන්නේ අසම සම ලෝකයයකයි. මේක තේරුම් ගෙනයි අයවැය ඉදිරිපත් කළේ. නැවතත් ව්‍යවසායකත්වය ගොඩනගන්නට යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපේ වෙලඳපොල නිඳස් කිරීම හැරවුම් ලක්ෂයක්. ඉන් හානියක් වෙයිද කියලා අඳහසක් මතු වෙනවා. සාමාජ සුබසාධනය සඳහා වෙන් කළ මුදල් කපලා නෑ. අපි ධනය බෙදීමට ප්‍රථමයෙන් සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කරන්න අයවැයෙන් අපි මුදල් වෙන් කර තිබෙනවා. ඒ සඳහා ආරක්ෂා දැල අපි ශක්තිමත් කර තිබෙනවා. මේ සඳහා රුපියල් බිලියන 183ක් වෙන්කර තිබෙනවා. සමෘද්ධි සහනයට බිලියන 44ක් වෙන් කර තිබෙනවා. අපි සමෘද්ධියට ගෙවන මුදල දෙගුණ කළා. සුදුසු පුද්ගලයන්ට මුදල වෙන් කර තිබෙන්නේ.

කෝටි 500ක් සිසුන්ට වාර ප්‍රවේශපත් වෙනුවෙන්. මහපොළ ශිෂ්‍යත්වයට කෝටි 190ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනයට මුදල් වැඩි කර තිබෙනවා. වැඩිහිටියන්ට කෝටි 1000ක් වෙන්කර තිබෙනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් බිලියන 1.3ක් වෙන් කර තිබෙනවා. සමාජ සුබසාධනයට මුදල් වෙන්කර තිබෙනවා. මීට අමතරව අධ්‍යාපනයෙන් සමාජයක් ඇති කළ හැකි. අධ්‍යාපනය යටිතල පහසුකම් වැඩිකරන්න මුදල් වෙන් කළා. අධ්‍යාපනය රට තුල සැසදීමක් කර වැඩක් නෑ. ජාත්‍යන්තරව මුහුණ දෙන්න හැකි තරුණයෙක් හදන්න පුළුවන්. අවුරුදු 13ක අධ්‍යාපනයක් අනිවාර්ය කරන අධ්‍යාපනයක් හදුන්වා දෙනවා. විභාගයෙන් පමණයි සිසුන්න්ගේ දැනුම මැණීම සිදු වන්නේ. යම් කිසි හැකියාවක් තාක්ෂණික, කාර්මික බුද්ධිමය හැකියාවක් ලබාදෙන්න පුළුවන්. වසර 13ක අධ්‍යාපනයක් ලබාදෙන බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් එක. විශ්වවිද්‍යාල අධ්‍යාපනය  ජාත්‍යනතර මට්ටමට ගේනවා. වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් සකස් කරනවා. රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ශක්තිමත් කරන්න කටයුතු කරනවා, තාක්ෂණ විද්‍යාපීඨ හතක් හදනවා. රජයෙ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරනවා, වෛද්‍යාපීඨ තුනක් ආරම්භ කරනවා. රජයක් සිටින්නේ පුරවැසියන් ආරක්ෂා කරන්නයි. අධ්‍යාපනයට මුල්තැන දෙනවා. රුපියල් බිලියන 325ක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවයට බිලියන 200ක් වෙන්කර තිබෙනවා. සෑම පාසල් දරුවෙකුටම රක්ෂණ ක්‍රමයක් තිබෙනවා. ශ්‍රම බලකායෙන් 34% කාන්තාවන් සිටින්නේ. අපොස උසස් පෙළ කාන්තා දරුවන් ඉදිරියෙන් සිටින්නේ. ඔවුන් ශ්‍රම බලකායට ඉදිරිපත් කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ණය යෝජනා ක්‍රම කීපයක් හඳුන්වා දුන්නා. උතුරට නැඟෙනහිරට මුදල් වෙන් කර තිබෙනවා. එක අමාත්‍යාංශයක් හරහා පමණක් නොවේ කරන්නේ. විෂය අනුවයි එය කරන්නේ. අපි මුහුණ බලලා මුදල් වෙන් කළේ නෑ. පවුල් මිලියන 2කට ඉඩම් බෙදා දෙන්න කටයුතු කරනවා. අපි පාර්ලිමේන්තුවට අලුත් පනතක් ගේනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News