බුර්කාව තහනම් කරයිද ?

Share

බුර්කා ඇඳුම් තහනම් කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් වීමත් සමඟ මේ වන විට බුර්කා තහනම ගැන සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ අතර බුර්කාවෙන් සැරසුණු පිරිමි පුද්ගලයන් දෙදෙනකු නිසා වත්තල නොසන්සුන් තත්ත්වයක්ස හටගත්තේය.

දෑස් හැර මුළු සිරුරම ආවරණය වන බුර්කා සහ නිකාබ් ඇඳුම් අරාබිකරයේ කාන්තාවන් නිරන්තරයෙන් භාවිත කරන අතර මෙරට ඇතැම් මුස්ලිම් කතුන්ද බුර්කාවෙන් සහ නිකාබ් ඇඳුමෙන් සැරසී ගමන්ගන්නා අයුරු දක්නට ලැබේ.

මුළු සිසුරම ආවරණය වන බැවින් මෙම ඇඳුමින් සැරසුනු අයකුගේ අනන්‍යතාව හඳුනාගැනීම අසීරු වේ.

එබැවින් උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම බුර්කා ඇඳුම් තහනම් කිරීම සඳහා වන යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

මෙවන් පසුබිමක ව්‍යාජ ලෙස බුර්කා ඇඳුමින් සැරසී මාර්ගයේ ගමන්ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු හේතුවෙන් වත්තල ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් හටගත්තේය.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ඉන් එක් පුද්ගලයකු අල්ලා පොලිසියට භාරදී තිබේ.

ඒ අතර බුර්කා ඇඳුමින් සැරසී පෞද්ගලික ආයතනයකට පැමිණි කාන්තාවකට එම ස්ථානයට ඇතුළු වීමට එහි ආරක්ෂකයන් අවසර ලබා දුන්නේ නැත.

අනන්‍යතාව හඳුනාගැනීමට ඇති අසීරුව මත බුර්කාවෙන් සැරසී ඇතුළු නොවන ලෙස මේ වන විට ඇතැම් වෙළෙඳසැල් වල දැන්වීම් පවා ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබේ.

‍මෙවන් පසුබිමක බුර්කා ඇඳුම තහනම් කළ යුතු බවට අදහස් පළ කෙරෙන සටහන් රැසක් ඇතැම් සමාජජාල ඔස්සේ පැතිර යමින් තිබේ.

මේ වන විටත් ප්‍රංශය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඕස්ට්‍රේලියාව ආදි රටවල් කිහිපයක්ම සිය රටේ බුර්කාව තහනම් කර අවසන්.

Read more

Local News