මොරගහකන්ද ජලාශය නරඹන්න ජනතාවට අද සිට යළි අවස්ථාව

Share

මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා අද(25) දිනයේ සිට මහජනතාවට යළි අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිළධාරි පී.ජී දයානන්ද මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.

පැවැති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මෙරගහකන්ද ජලාශය මහජනතාවට නැරඹීමේ අවස්ථාව නතර කර තිබුණි.

ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් විශේෂ පරික්ෂාවකට ලක් කරන අතර රථ වාහන ව්‍යාපෘති භූමියෙන් පරිබාහිරව නැවතිය යුතු බව පී.ජි දයානන්ද මහතා සඳහන් කළේය.

Read more

Local News