වැල්ලවාය නගරයේ හෝටලයක් තුළ සැකකටයුතු පාර්සලයක් ඇති බවට වැල්ලවාය පොලිසියට තොරතුරක් ලැබී ඇත.
පසුව පොලිස් නිලධාරීන් විසින් එම හෝටලය පරික්ෂා කිරිමේ දී එහි තිබී යකඩ බෝල තොගයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පසුව පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.
සැකකරුවන් වයස අවුරුදු 42 සහ 44 යන වයස් වල පසුවෙයි.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද(25) ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.