අයවැය මඟින් සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා – අමාත්‍ය රාවුෆ් හකීම්

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 (පස්වැනි වෙන් කළ දිනය) අද (15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර සිටියේ අයවැය මඟින් සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් ගෝලීය වශයෙන් ගනුදෙනු කරමින් ඉදිරියට ගමන් කිරීමේ කාලය එළැඹ තිබෙන බවත් ය.

නීල හරිත අයවැයක් යෙදුම් අවධානය යොමු කරන්නේ දේශගුණික විපර්යාස පිළිබඳවයි. මෙතෙක් අවධානය යොමු නොකළ සාගර සම්පත් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. රජයේ 2025 ආර්ථික දැක්ම අනුව මෙය සකස් කර තිබෙනවා. මෙම යෝජනාව තුළ අඛණ්ඩ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජනප්‍රිය තීරණ නොවේ ගෙන තිබෙන්නේ. බැංකු මූල්‍ය ගණුදෙණු සම්බන්ධයෙන් බදු, කාබන් බදු, ජනතා සෞඛ්‍ය වැඩි දියුණු කරන යෝජනා. බදුකරණය යම් අකාරයක සංශෝධනය කිරීමක් අවශ්‍යයි.

සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරන්න යෝජනා කර තිබෙනවා. දැන් වෙලාව එළැබ තිබෙනවා ගෝලීය වශයෙන් ගනුදෙණු කරමින් ඉදිරියට ගමන් කරන්න. නැව් ඒජංසි සමාගම් ලිහිල් කරණය කිරීම බොහෝ ව්‍යාපාරවලට බලපානවා. දේශගුණික විපර්යාස අවම කරන්න ඉදිරිපත් කරන යෝජන, කැළණි ගග ගංවතුර ආරක්ෂණ වේල්ලක් ගොඩනගීම වැදගත් යෝජනාවක්. භූමියේ ජල අධීක්ෂණ ක්‍රියාවලිය දිස්ත්‍රික්ක අටක් ආවරණය කරනවා. මිලියන 5000ක් වෙන්කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News