මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Share

මුල්ලේරියාව පොලිස් වසමේ රණබිම මාවත, මුල්ලේරියාව උතුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(25) රත්‍රී 7.45 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදි දෙකකින් පැමිණි නාදුන පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රණබිම මාවත, මුල්ලේරියාව ලිපිනයේ පදිංචි පැල්ලේවත්ත ගමගේ වාසනා සුරංග නැමති 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මිය ගිය ව්‍යාපාරිකයා  තම කැබ් රථය නිවසේ ගරාජයට ඇතුළු තිරීම සඳහා පිටුපසට ධාවනය කරමින් සිටි අවස්ථාවේදී කැබ් රථය ඉදිරියට පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් විසින් වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුල්ලේරිය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News