Home දේශීය පුවත් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක්

අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක්

0
අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක්

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නඩු ගාස්තු හා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ අටක මුදලක් ඇයට ගෙවන ලෙස නියෝග කෙළේය.

කටුනායක පොලිසිය විසින් 2014 දී ඇය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පිටුවහල් කොට ඇත.

ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කොල්මන් මහත්මිය ගොනුකළ පෙත්සම මගින් කටුනායක පොලිසියේ නිළධාරීන් දෙදෙනකු වගඋත්තරකරුවන් වශයෙන් නම්කොට තිබුණි.

මෙම පෙත්සම විභාග ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තීරණය කොට රජය මගින් ඇයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද රුපියල් ලක්ෂ 2ක් වූ ඇයගේ නඩු ගාස්තු ද පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ද පෙත්සම්කාරියට ගෙවන ලෙස නියෝග කෙළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here