ඉතාම සැලසුම් සහගත ලෙස සකස් කළ අයවැයක් – චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 (පස්වැනි වෙන් කළ දිනය) අද (14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කර සිටියේ,

ඉතාම සැලසුම් සහගත ලෙස සකස් කළ අයවැයක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කළා. රජය සේවකයන්ට වැටු වැඩි කිරීමක් කළා. ආහාර ද්‍රව්‍ය රැසක් ආනයන බද්ද අඩු කළා. අයවැය කියන්නේ බඩු මිල අඩුකරන එක වැටුප් වැඩි කිරීමට සීමා වෙන්නේ නෑ.ණය කන්ද දරු පරපුරට ඉතිරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එම ඉලක්ක වෙත යන්න හැකි අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. සාගරය පදනම් කරගත් සංවර්ධනය නීල කියලා කියන්නේ. මෙය විප්ලවීය අයවැයක් බවද අමාත්‍යවරිය පැවසුවය.

Read more

Local News