අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ සැකකරුවන්ට එරෙහිව එම අපරාධය සිදුකිරීමට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා සිදුවුයේ ඊට අදාළ නව නීති සම්මත කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊට අදාළ කෙටුම්පත 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ ද එය මේ වන විටත් පාර්ලිමේන්තු කමිටුවේ පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව තවදුරටත් කෙටුම්පත ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එම කෙටුම්පත ප්‍රමාද කිරීම හේතුවෙන් අදාළ ත්‍රස්තවාදීන් නීතිය යටතට ගැනීමට තිබු අවස්ථාව අහිමි වී ගිය අතර මෙම අවස්ථාවේදී හෝ එම කටයුත්ත වහාම සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පසුව කාදිනල්තුමන් පැවැත්වූ දේව මෙහෙයටත් එමෙන්ම කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙයටත් තමන් සහභාගී වු බව අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.

මේ සතිය ඇතුළත අදාළ ප්‍රහාරය පිළිබඳ කරුණු ගණනාවක් සොයාගෙන ඒ ප්‍රහාරයට සහභාගිවූ බොහෝ දෙනෙක් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඒ මහතා පවසයි.

ජිහාඩ් ත්‍රස්තවාදීන් කරගෙන යන මේ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් වහාම හඳුනාගෙන එම සියලූදෙනා නීතිය හමුවට ඉදිරිපත් කොට මෙය වහාම අවසන් කළ යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ මේ බව සඳහන් කර ඇත.

Read more

Local News