රද්දොළුගම දී වායු රයිෆලයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඊයේ(28) රාත්‍රියේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අදාළ සැකකරු සන්තකයේ තිබු වායු රයිෆල් එකක් හා කඩු 6ක් ද සොයා ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් අතර තුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අදාළ පුද්ගලයා වසර 25ක් පමණ විදෙස් ගතව සිට පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.

ආරක්ෂක අංශ අදාළ සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News