සුළං නිසා වව්නියාවේ නිවාස 30කට හානි

Share

වර්ෂාව සමඟ හට ගත් දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඊයේ(28) සවස වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 30 ක වහල ගැලවි ගොස් නිවාස වෙත හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව ඕමන්ත පණික්කන්කුලම ප්‍රදේශයේ නිවාස 20 ක් හා දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයන්ගේ නිවාස 10 ක් එලෙස හානියට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

පණික්කන්කුලම ප්‍රදේශයේ තාවකාලික නිවාස 15 ක් හා ස්ථිර නිවාස 5ක වහල ගැලවි ගොස් ඇති අතර ඇතැම් නිවාසවල වහල කඩාවැටී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වවුනියාව, ඕමන්ත, ඊරට්ටපෙරියකුලම, පුලියන්කුලම හා පෙරියඋළුක්කුලම ආදි ප්‍රදේශ වෙත සුළඟත් සමඟ වර්ෂාව ඇති වු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Read more

Local News