වැඩබලන විභාග කොමසාරිස්වරයා ලෙස බී. සනත් පූජිත මහතා අද රාජකාරි කටයුතු ආරම්භ කරයි

Share

වැඩබලන විභාග කොමසාරිස්වරයා ලෙස බී. සනත් පූජිත මහතා අද (16) පෙරවරුවේ තම රාජකාරි කටයුතු ආරම්භ කළේය. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහායි.

වැඩබලන විභාග කොමසාරිස් ධුරයට පත් සනත් පූජිත මහතා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන කිහිපයක වසර 30 කට ආසන්න කාලයක් විවිධ තනතුරු හොබවා තිබේ.  ඒ අතරින් විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස්, නියෝජ්‍ය විභාග කොමසාරිස් සහ විභාග කොමසාරිස් (නියාමන සහ පාලන) යන තනතුරු හොබවා තිබෙන ඒ මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග අධ්‍යක්ෂකවරයා ලෙස සහ පර්යේෂණ හා සැලසුම් පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කර තිබේ.

Read more

Local News