ජපන් අධිරාජ්‍යායාගේ මුණුපුරාට අනතුරක්ද ?

Share

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ 12 හැවිරිදි මුණුපුරා අධ්‍යාපනය ලබන පාසලේ මේසය ආසන්නයේ තිබී පිහි දෙකක් හමුවීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හිසහිතෝ කුමරා අධ්‍යාපනය ලබන කණිෂ්ඨ උසස් පාසලේ තිබී මෙම පිහි දෙක සොයාගෙන ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදීය.

එලැඹෙන සතියේදී අකිහිතෝ අධිරාජ්‍යයා සිය පදවිය තම පුත්‍රයා වෙත පිළිගැනීමට සූදානමින් සිටින අතර, ඉන් පසුව එරට ඔටුන්නේ හිමිකාරීත්වයට සිටින දෙවැන්නා මෙම කුඩා හිසහිතෝ කුමරු බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම පිහි දෙක සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පොලිස් පරීක්ෂණවලට යොදාගෙන ඇති අතර, හඳුනා නොගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News