2020 අවසානයේ ”නිල සෙවණ” කාර්යාල 14,000ක්

Share

2020 අවසානය වනවිට ”නිල සෙවණ” කාර්යාල 14,000ක් ඉදිකරන බවත් රාජ්‍ය සේවය ගමේ ජනතාව අතරට ම ගෙන යාම සඳහා ඉන් මහඟු අවස්ථාවක් ලැබෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ වගේ ම අපි ග්‍රාම නිලධාරී සේවය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ”නිල සෙවණ” කාර්යාල 1000ක් වසරක කාලයක් ඇතුලත රටපුරා ඉදිකරන බව පෙන්වා දුන් අමාත්‍යරවයා මෙම ව්‍යාපෘතිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කළුතර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 780ක වියදමින් ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News