පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

Share

පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය නැවත් දිර්ඝ කර තිබේ.

පාලස්වල නිවාඩු දින වෙනස් වු බැවින් මෙලෙස පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය නැවත් දිර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා මීට පෙර දීර්ඝ කළේය.

නමුත් නැවතත් පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලයද 2019-05-31 දක්වා දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

Read more

Local News