7 වන සාර්ක් සිනමා උළෙල ලබන 21 සිට 25 දා දක්වා

Share

7 වන සාර්ක් සිනමා උළෙල – 2017 ලබන 21 සිට 25 දා දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. මේ සඳහා සාර්ක් කලාපයේ රටවල් 8ක් නියෝජනය කරමින් විශේෂාංග සහ කෙටි චිත්‍රපට ඉදිරිපත් කෙරේ.

සිනමා උළෙල අවසාන දින (25) සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව, ඉරානය, පෘතුගාලය යන රටවල් නියෝජනය කරන විනිශ්චය මණ්ඩලයකින් තේරීම් කමිටුව සමන්විතය.

මෙහිදී හොඳම විශේෂාංග චිත්‍රපටය, හොඳම කෙටි චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරා ශිල්පීයා, හොඳම සංස්කාරක, හොඳම තිර රචනය, හොඳම සිනමා උළෙල, විශේෂ ජූරි සම්මාන දෙකක් සඳහා සම්මාන පිරිනැමේ.

ඊට අමතරව සිනමා ක්ෂේත්‍රයේ  ජාත්‍යන්තර ප්‍රවීණයන් විසින් පවත්වන වැඩමුළුවක්  ලබන 24 රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අවස්ථාවට ඇතුලත් විමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සිනමා උළෙල සංවිධානය කරනු ලබයි.

Read more

Local News