කැබ්-ටිපර් අනතුරකින් 2ක් මරුට

Share

අඹේපුස්ස-ත්‍රීකුණාමලය මාර්ගයේ ගල්මැටියාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ කැබ් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේ දී කැබ් රථ රියදුරු සහ තවත් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි සහ 23 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

තඹලගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News