ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රීක් සංවිධායකවරු තිදෙනෙක්

Share

ඊයේ (16) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රීක් සංවිධායකවරු තිදෙනෙක් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

නැගෙනහිර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස එම්.එච්. මන්සීල් මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රීක් සංවිධායකවරයෙකු ලෙස කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදයශාන්ත මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායකවරයෙක් ලෙස මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති ඩි.එම්. සුජිත් පුෂ්පකුමාර මහතා පත් කර ඇත.

Read more

Local News