ප්‍රධාන බෝම්බකරුගේ සමිපතමයෙකු අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ බව කියන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහ්රාන් හෂීම් නැමැති පුද්ගලයාගේ සමීපතමයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීස් විශේෂ කාර්ය බළකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව කුලියාපිටිය, සුභාරතීපුරදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දි තිබේ.