අය-වැය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මතයි

Share

සම්මුතිවාදී රජය ඉදිරිපත් කළ 2018 අය-වැයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) සම්මත විය.

අය-වැයට පක්ෂව ඡන්ද 151ක් ද විපක්ෂව ඡන්ද 58ක් ද ලැබුණු අතර අය-වැය සඳහා වැඩි ඡන්ද 93ක් හිමිවිය. යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ද්‍රවිඩ ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කළ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අය-වැය සඳහා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 72 වැනි අය-වැය ලේඛනය මෙය වන අතර, දෙවැනි වර කියැවීමේ විවාදය පසුගිය 10 වැනිදා ආරම්භ විය.

දින හයක් පැවැති එම දෙවැනි වර කියැවීමේ විවාදය අවසන් කරමින් ඊයේ (16) සවස 5.25ට ඡන්ද විමසීම ආරම්භ කෙරිණි. දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.00 ට අය-වැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

Read more

Local News