අනන්‍යතාවය යනු අන්තවාදය නොවන බව සියලුම ජාතීන් වටහා ගත යුතුයි

Share

අනන්‍යතාවය යනු අන්තවාදය නොවන බව සියලුම ජාතීන් වටහා ගත යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සිය නිල ෆේස්බුක් පිටුව වෙත ප‍්‍රකාශයක් නිකුත් කරමිනි.

ඇතැම් දේශපාලකයින්ගේ දේශපාලන උවමනාවන් මත අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම හේතුවෙන් මෙවන් ව්‍යසනයක් අත් වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

“සහරාන් හෂීම් අද ඊයේ නෙමෙයි 2014 වගේ කාලයක නිෂ්ක‍්‍රීය කරන්න තිබූ චරිතයක්. ඒ වගේම අද අනාගතයේ බිහිවෙන්න යන මේ ත‍්‍රස්තවාදී සාතන්වරු, සාන්තුවරු බවට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලියෙන් අපි නතර කළ යුතුයි.

ඒ නිසා මේ පිළිබඳව ප‍්‍රධාන වගකීම තිබෙන්නේ අපේ මුස්ලිම් ජනතාවට. බිය සැක දුරලලා ඉදිරියට එන්න. ඔබ අතර ඉන්න ඒ අන්තවාදීන් අපට හෙළි කරන්න. හෙළි කර අපේ ආරක්‍ෂක අංශවලට ලබාදෙන්න.

ඒ වගේම ඔබ අතර තිබෙන මේ රැඩිකල්කරණය වෙනුවට අපි අර පැරණි සහජීවනයට ගමන් කරලා අපි අතරේ අන්තර් සබඳතාවය ශක්තිමත් කර ගන්න අපි කටයුතු කරමු.

සමාජ වෙන්වීමක්, සමාජ බෙදුම්වාදයක් වෙනුවට සමාජ එක්වීමකට ආහාර-පාන, ඇඳුම්-පැළඳුම්, ඇවතුම් -පැවතුම්වලින් අපි එකතු වෙමු.

අපිට අනන්‍යතා තිබෙනවා. බෞද්ධයින්ට, හින්දූන්ට, ක‍්‍රිස්තියානීන්ට වෙන් වෙන් අනන්‍යතා තිබෙනවා. ඒ වගේම ඉස්ලාමීය අනන්‍යතාවය අපි කවුරුත් පිළිගන්නවා.

අනන්‍යතාවය කියන්නේ අන්තවාදය නොවන බව අපි සියලූ දෙනාම වටහා ගත යුතුයි. අපි සියළු දෙනාම ජීවත් වන්නේ මනුෂ්‍ය ලෝකයේ බවත්, මේ ශ‍්‍රී ලංකාවේ බවත් මතක තබා ගත යුතුයි. අපි පළමුවෙන්ම මනුෂ්‍යයින් විය යුතුයි. දෙවනුව අපි ශ‍්‍රී ලාංකිකයින් විය යුතුයි.

ඒ ශ‍්‍රී ලාංකිකයින් නම් ශ‍්‍රී ලංකාවේ බසට, සංස්කෘතියට, ආර්ථිකයට අපේ තිබෙන දායකත්වය අපි අගයන්න ඕනේ. එය ඉස්ලාමීය සමාජය තුළ සිදුවිය යුතුයි.

ඒ වගේම අනෙකුත් සමාජයත් මේ ඉන්න 200ක් වූ සුළු පිරිස වෙනුවෙන් විසි ලක්ෂයක් වෙච්ච මුස්ලිම්වරු සැක කරගෙන ජීවත් වෙන්න බැහැ.

ඒ සැක බිය දුරුවෙන ආකාරයකට  ඒ සියළු දෙනාගේම එකමුතුව, එකට සිටීම, ඒ සඳහා කි‍්‍රයාකිරීම ඉතා අත්‍යාවශ්‍යයි.” යනුවෙන් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුටමහි වැඩිදුරටත් අදහස් පල කර තිබේ.

Read more

Local News