මහින්ද බුර්කා තහනමට විරුද්ධ නෑ

Share

බුර්කාව තහනම් කිරීමට විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරයි.

එසේම 29 දා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පළදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්චාවක් සිදුනොවූ බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහිදී පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ රට තුළ ඇති වූ වත්මන් තත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවත් පාස්කු ඉරිදා සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට ඉස්ලාම් ප්‍රජාවගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවත් සමස්ථ ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිතයින් පැවැසූ බවත් විපක්ෂ නායක කාර්යාලය පවසා සිටියි.

Read more

Local News