ජනපති ගමේ ජනතාව වෙනුවෙන් ජාතික වැඩසටහන් රැසකට දායකත්වය ලබාදී තිබෙනවා – අමාත්‍ය මහින්ද සමරසිංහ

Share

වරාය නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසුවේ,

අතිගරු ජනාධිපතිතුමා ගමේ ජනතාවගේ හදගැස්ම වටහාගෙන කටයුතු කරන, නිවැරැදි තීරණ ගන්න, කාර්යක්ෂම නායකත්වයක් ලබාදීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජාතික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්න ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වකුගඩු නිවාරණ වැඩසටහන, ඩෙංගු නිවාරණ වැඩසටහන යන කාර්යසාධන වැඩසටහන් ක්‍රියාත්මකයි. ගමේ ජනතාව බලාපොරොතුවන ආකාරයට ජාතික වැඩසටහන්වලට නායකත්වය ලබාදී තිබෙනවා. ආහාර නිෂ්පාදන වැඩසටහන් හරහා රටේ ජනතවට අතහිත දෙන ගමන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරලා, ඉතිරි ඒවා අපනයනය කරලා ආදයමක් ලබාගන්න කටයුතු කරන්නේ.

19 සංශෝධනය හරහා ඒතුමාගේ බලතල අඩු කළා. දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට නයකයෙක් අත්සන් කරනව, කැබිනට් මණ්ඩලයේ තමන්ගේ බලතල අඩු කරන්න කියලා. එතුමා බලලෝභී නායකයෙක් නොවේ කියලා පෙන්වා තිබෙනවා. එතුමා නොබෙල් ත්‍යාගය සඳහ කෙටි ලැයිස්තුවටත් එකතු වුණා. එතුමා ජාතිවාදයට අකමැති නායකයෙක්. එවැනි නායකයෙක් සිටීම ගැන සතුටුවිය යුතුයි. අපේ ජනාධිපතිවරයා පිළිබඳ අපට ආඩම්බරයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News