මඩකලපුව, කටුවාපිටිය දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

Share

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් හානියට පත් වු මඩකලපුව හා කටුවාපිටිය දේවස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු අද (03) ආරම්භ කර ඇත.

නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙයි.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධව සිදුකෙරෙන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව සහ රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව එක්ව සිදු කෙරේ.

පසුගිය දා ප්‍රහාරයට ලක්වු කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය දා ආරම්භ කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව එම කටයුතු සිදු කරනු ලබයි.

Read more

Local News