මුතු පන්තිය විනාශ වෙයි ද?

Share

මුතු පන්තිය ධිවර ගම්මානයේ වෙරළ දරුණු ලෙස ඛාදනයට ලක් වෙමින් තිබිම නිසා එය බේරා ගැනිමට හදිසි අව්‍යතාවයක් ලෙස සලකා කඩනමින් ගල් දැමිම සිදුවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.

මුහුදින් සහ කලපුවෙන් වටවු සුන්දර කඩොලාන පරිසර රටාවකින් සමන්විත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ පිහිටි මුතුපන්තිය ධිවර ගම්මානය ආනවිළුන්දාව 590 ග්‍රාම නිළධාරි වසමට අයත් වෙයි.

පවුල් 150 කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවන මුතුපන්තිය ගම්මානයේ එකම වෘත්තිය ධිවර රැකියාවයි.

වසර කිපයක සිට දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව වෙමින් පවතින මෙම ගම්මානය මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුණු අයුරින් වෙරළ තිරය ඛාදනයට ලක්වෙමින් තිබේ.

අධික ඛාදනය හේතුවෙන් මේ වන විට මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා වු වෙරළ තිරයේ මාර්ගය සම්පුර්ණයෙන් ඛාදනයට ලක්ව විනාශ වි තිබේ.

මුතුපන්තිය ජනතාව පවසා සිටියේ තම ගම්මානය වසර සිය ගනනක ඉතිහාසයකට හිමිකම් ඇති මෙම සුන්දර ගම්මානය බේරා ගැනිමට සියලු බළධාරින්ගේ යුතුකමක් බවයි.

Read more

Local News