ජනපති කැප්පෙටිපොල ශී‍්‍ර අභය රාජ මහා විහාරස්ථානයේ පුණ්‍යෝත්සවයට එක්වෙයි

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාවනැල්ල, කැප්පෙටිපොල ශී‍්‍ර අභය රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප‍්‍රතිස්ඨාපනය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (17) පෙරවරුවේ එක්විය. එහිදී ප‍්‍රකාශ කළේ,

ලෝකයේ බොහෝ දියුණු රටවල දැකිය නොහැකි විනයකින් සහ හැදියාවකින් ශී‍්‍ර ලාංකීය සමාජය පෝෂණය වී ඇත්තේ බෞද්ධ දර්ශනය නිසා බව පැවසූ ජනාධිපතිවරයා ශාසනික සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළයුතු සියලු කැපකිරීම් සිදුකරීමට වත්මන් රජය කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

අද පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව විහාරාධිපති පූජ්‍ය මණ්ඩාවල ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලේ මංගල ශිලා ප‍්‍රතිස්ඨාපනයට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් විහාරස්ථාන පරිශ‍්‍රයේ පැළයක් ද රෝපණය කළේය. විහාරස්ථානයේ නව සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ආධාර පිණිස රුපියල් ලක්ෂ 05 ක මුදල් පරිත්‍යාගයක් පොල්ගහවෙල පදිංචි විශ‍්‍රාමලත් පාඨශාලාචාරිනි ආර්.පී.එම්. රත්නායක මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

Read more

Local News