ගාල්ල වරාය පොලිස් වසමේ දෙවට හන්දියේදී ගාල්ල වරාය පොලිස් ස්ථානයේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු වයස අවුරුදු 44ක් වූ චීන ජාතිකයෙකි.
සැකකරු අද(06) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.




