පාසලක් අසලින් වෙඩිබෙහෙත් මල්ලක් සොයාගැනේ

Share

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් කොටගල සිරි පැරකුම් සිංහල විදුහල අසල කැලි කසල බැහර කරන ස්ථානයේ තිබි වෙඩි බෙහෙත් තොයයක් අද (06) උදැසන සොයාගත් බව දිඹුල පොලිසිය පැවසිය.

විදුහල සහ අවට පරිසරය පිවිසෙන මාර්ගය ප්‍රදේශවාසින් විසින් සුද්ද පවිත්‍ර කරන අවස්තාවේ කැලි කසල ගොඩේ තිබි මෙම වෙඩි බෙහෙත් හමු වී තිබෙන බවටයි වාර්තා වන්නේ.

කොටගල අවට යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව සොදිසි මෙහෙයුම් සිදු කරන නිසා වෙඩි බෙහෙත් මෙම කැලි කසල බැහැර කරන ස්ථානයට කිසියම් කෙනෙකු විසින් ගෙනවිත් දමන්නට ඇති බවයි දිඹුල පොලිසිය සැකකරන්නේ.

පැරකුම් විද්‍යාලය ආසන්නයේම කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා සංකිර්ණයද පිහිටා තිබේ.

Read more

Local News