සංචාරක ක්‍ෂේත්‍රය මුහුණ පා ඇති ගැටළු මෙන්න

Share

සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංගම්වල නියෝජිතයින් හා විපක්‍ෂක නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (06) විජේරාම නිල නිවසේදී පැවැත්විණී.

විපක්‍ෂ නායකවරයාගේගේ උපදෙස් අනුව අද (07) හා හෙට (08)  පැවැත්වෙන පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවට සහභාගී වන මන්ත්‍රීවරුන්ට සංචාරක ක්‍ෂේත්‍රයේ සිටින්නන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳ අදහස් ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

පාස්කු ඉරිදා දින සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මාර්ගය වන සංචාරක කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බවත් ඒ නිසා සංචාරක කර්මාන්තයෙන් යැපෙන පවුල් විශාල සංඛ්‍යාවක් කිසිදු පිළිසරණක් නොමැති තත්වයට පත්ව ඇති බව චසංචාරක සංගම් නියෝජයින් මෙහිදී පැවසීය.

සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ මධ්‍ය පරිමාන හා කුඩා හෝටල් හිමියන්, මාර්ග උපදේශන සේවා සපයන ආයතන, සංචාරක මඟ පෙන්වන්නන් හෝටල් වලට තම නිශ්පාදන ලබා දෙන්නන්, සේවය කරන කාර්ය මණ්ඩල සංචාරකයින් දිවයිනට නොපැමිණීම නිසා විශාල අවදානමකට ලක්ව ඇති බැවින් ක්‍ෂේත්‍රයේ නියුතු වූවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සියලුදේ ගැන අවධානය යොමු කර මෙම විවාදයේදී ආණ්ඩුවේ අවධානය මේ සඳහා යොමු කරවීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, නිමල් ලන්සා, කනක හේරත්, තාරක බාලසූරිය, ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, ඩී.වී චානක, පියල් නිශාන්ත, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ ආචාර්ය නාලක ගොඩහේවා, විපක්‍ෂ නායක පාර්ලිමේන්තු ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Read more

Local News