බෝම්බ කල්ලියේ පුහුණු වීම් කළ කඳවුරක් නුවරඑළියෙන්

Share

තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවීමේ කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදා නිලධාරින් විසින් වටලා තිබෙයි.

අදාළ පුහුණුවීම් කඳවුර ඊයේ(06) වටලනු ලැබුවේය.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදි ඔහුගෙන් ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වි ඇති බව වාර්තා වෙයි.

මෙම පුහුණු කඳවුර තුළ 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කඳවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදුකළ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදුකළ ඇති බව දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වී ඇත බව අප වාර්තාකරු පවසයි.

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසක  මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇත.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑළිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

Read more

Local News