බය නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අර්ජුන කියයි

Share

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පවසා තිබේ.

අද(07) බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“දුම්රිය ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිපි යැවීමට ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරනවා. එසේ කරන්නේ යම් කිසි බියක් නිසා නම් ඒ ලියුම් ටික මට ගෙනෙත් දෙන්න. මම අත්සන් කරලා ලියුම් ටික යවන්නම්. දුම්රියේ ඉඩම් කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පතක්.

මේ ඉඩම් කළමනාකරණය කිරීමෙන් ලැබෙන ආදායමෙන් මේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් ඒ ආදායම ලබා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට උවමනාවක් නැහැ.“

Read more

Local News