පිපිරීම් පිළිබඳ සොයන්න පත්කළ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිට

Share

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොය බැලීමට පත් පත් කළ විශේෂ පරික්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද(08) නීතිපතිවරයාට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

එම වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණි.

එම වාර්තාව තවත් සතියක පමණ කාලයකින් පසු ජනතාවට ද විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

Read more

Local News