නවගමුවේ දී පතොරම් තොගයක් හමුවෙයි

Share

ආරක්ෂක අංශ දිවයින පුරා ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් අතරතුර නවගමුව ප්‍රදේශයේ දී ඊයේ(07) පතුරම් තොගයක් හමුවී තිබේ.

නවගමුව පොලිසියට ලද තොරතුරකට අනුව නවගමුව තුන්අඳහේන ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක යොදා සිදු කළ පරික්ෂාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එහිදි විවිධ ගිණි අවි සඳහා භාවිත කරන පතුරම් තොගයක් සමඟ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සොයාගත් පතුරම් අතර ටී 56 පතුරම් 207ක්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා පතුරම් 649ක්, පුහුණු වීම සඳහා භාවිත කරන පතුරම් 101ක්, MPEP පතුරම් 10ක්, මැගසින් 2ක් සොයාගෙන තිබේ.

පසුව සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී නවීකරණය කළ වායු රයිෆලයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

Read more

Local News