නීති විරෝධිව ධිවර කටයුතුවල නිරත වු 10ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඩිංගි යාත්‍රා 02ක්, පිටත දහන යන්ත්‍ර 02ක් සහ නීති විරෝධි දැල් 02ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුල්මුඩේ සහ නිලාවේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර උපකරණ වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

Read more

Local News