ප්‍රතිත්‍රස්ත පනතෙන් ගෝනි බිල්ලෙකු මවාපාන්න එපා

Share

ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ගෝනි බිල්ලෙකු මවා පෑමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.

අද කළ යුත්තේ පටු දේශපාලන භේද, මතිමතාන්තර පසෙක තබා පවතින නීති රාමුව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සියලු දෙනා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණදීම යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා වාසී ජනතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම එම අපේක්ෂාවන් ඉටුකරලීම සඳහා කඩිනමින් ප්‍රතිත්‍රස්ත පනත පොදු එකඟතාවයකින් සම්මත කර ගැනීමට සහාය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News