ජනතාවට තිබෙන බර ඉවත් කර අපේ කාලය තුළ සියලු ණය ගෙවා දමනවා – අගමැති

Share

යහපාලන ආණ්ඩුව යටතේ භාණ්ඩාගාරය පාර්ලිමේන්තුව යටතට ගෙන ජනතාවට තිබෙන බර ඉවත් කර අපේ කාලය තුළ සියලු ණය ගෙවා දැමීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නානායක්කාර මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට, අයවැය කමිටුවට සභාපතිවරු ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු පත්කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා, එදා එලෙස කිසිවක් ලබා නොදුන් බව කීය. සමෘද්ධි දීමනා වැඩිකර ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකර තිබෙන බවත් වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා, ජනතාව වෙනුවෙන් ඉන්ධන මිළ පාලනය කර තිබෙන බවද පැවසී ය.

Read more

Local News