බදියුර්දීන් ගැන ජනපති තීරණය කළ යුතුයි

Share

රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රිෂාඩ් අලව්දීන් බදියුර්දීන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකයෙක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මොහොමඩ් ඊබ්‍රාහීම් එක්ක ව්‍යාපාරික සබඳතා හෙළිවුණා. තඹ කර්මාන්තශාලාවට පිත්තල නිකුත් කළේ. රිෂාඩ් බදියුර්දීන්ගේ අමාත්‍යංශයෙන්. තුර්කියේ ත්‍රස්ථ සංවිධානවල පිරිසක්

විවිධ ආයතන දාලා වැඩකරන බව. ආරක්ෂක අමාත්‍යංශයට දන්වනවා. එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිවරයෙක් මේ ගැන හොයනවා. ඔවුන්ව ආරක්ෂා කරන්නෙ බදියුර්දීන් බවට තොරතුරු“

Read more

Local News