අණ නොතකා ධාවනය කළ රථ දෙකකට වෙඩි ප්‍රහාර

Share

වත්තල- හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

අද(11) දින අලුයමවත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී වාහනයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවේ අණ නොතකා එම රථය රාජකාරියේ යෙදී සිට නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට උත්සාහ කර තිබේ.

මේ අවස්ථාවේ රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වු මීගමුව පාර වත්තල ලිපිනයේ පදිංචි අයෙකි.

ඉන් පැයකට පමණ පසු මෙම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අවස්ථ දෙකට අදාළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුවරුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

වත්තල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News