බස් රථයක් උත්තර දේවියේ ගැටෙයි

Share

කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද(11) උදෑසන බස් රථයක් ගැටීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වු අතර බස් රථයේ රියදුරු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ කරම්බකම් මන්සංධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥා ද නොසලකා හරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී අනතුර සිදුව ඇති අතර අනතුර අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතළ තුවාල යාපනය මහ රෝහලට ඇතුලත් කර ඇති බවය.

උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති අතර එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතරම උත්තර දේවී දුම්රියටද හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උත්තර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් ඇත.

ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවටද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Read more

Local News