අගමැති මස්කෙලිය සමන් දේවාලයේ අශිර්වාද පුජාවකට සහභාගි වෙයි

Share

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අද(11) උදැසන මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි විය.

උදසැන 10 ට පමණ මස්කෙලිය සමන් දේවාල පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යයවරයා සමන් දේවාලයේ බුදු මැදුරට ගොස් මල් පුජා කිරිමෙන් අනතුරුව සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි වි සමන් දේව ආශිර්වාදය ලබා ගත්තේය.

මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් ප.ම (එජාප) සහ එක්සත් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක කේ.කේ පියදාස මහතාද ඇතුළු විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

Read more

Local News