විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ අවසන් තීරණය උපකුලපතිවරු සතුයි

Share

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හැර සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට(14) දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අවසන් කිරීමට නොහැකි වු විභාග පැවැත්වීය යුතු බැවින් එම පීඨයේ අධ්‍යයන කටයුතු 15 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය පසුව දැනුම් දෙන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පැවසුවේය.

එමෙන්ම නේවාසිකාගාර සිසු සිසුවියන් සඳහා අද (13) සිට නේවාසිකාගාර විවෘතව තැබෙන බව ද සඳහන් වෙයි.

මේ අතර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදින් පසු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ අවසන් තීරණයක් ගැනීමට උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read more

Local News