වේගෙන් ආ ත්‍රීරෝද රථය ලොරි රථයක ගැටී අනතුරක්

Share

අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය ලොරි රථයක ගැටිමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද(13) උදැසන 9.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත
ප්‍රදේශයේදිය.

මස්කෙලිය සාමිමලේ සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථය අව්ස්සාවේල්ලේ සිට තලවකැලේ දක්වා පිටපලු දර ප්‍රවාහනය කරන ලොරි රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

ත්‍රීරෝද රථයේ රියදුරාගේ අධික වේගය අනතුරට හේතුව වි ඇති බවත්, අනතුරෙන් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

Read more

Local News