මාධ්‍යවේදිනියගේ ඝාතනයට සාධාරණය ඉටු කරන්න

Share

ඝාතනයට ලක්වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනමාධ්‍යවේදිනියක සහ දේශපාලන උපදේශිකාවක වන මීනා මන්ගල්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස එරට කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් ඉල්ලා සිටිති.

දේශපාලනයට පිවිසීමට පෙර ඇය රූපවාහිනී මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර තිබුණු අතර, ඇය පසුගියදා කාබුල් නගරයේදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විධායක අබ්දුල්ලා අබ්දුල්ලා අවධාරණය කරනු ලැබුවේ ඇයගේ ඝාතකයන් නීතිය හමුවට පමුණුවන බවයි.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගන් පොලීසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටියත්, ප්‍රහාරයට වගකිව යුත්තන් තවම නීතියේ රැහැනට කොටු කරගෙන නැත.

Read more

Local News