වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 4ක් අත්අඩංගුවට

Share

දෙහිවල ගුවන් පාලම අසල දී ‍වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 4ක් ඊයේ(13) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මෙම වැටලීම සිදු කර ඇත.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි ඇති මෙම පිරිස නයිජීරියාන් ජාතිකයන් බව පොලීසිය සඳහන් කළේය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 33, 38 හා 36 යන වයස්වල පසුවන්නන්ය.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද(14) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News