මෙරට මුස්ලිම් රටක් බවට පත් කරන්න දෙන්නේ නෑ

Share

වත්මන් තත්ත්වය අනුව කිසිදු පුද්ගලයෙක් මොළයෙන් බුද්ධිමත්ව කටයුතු නොකර ශරීරයෙන් කටයුතු නොකළ යුතු බව අතුරුලියේ රතන හිමියන් පවසයි.

උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (13)  උදැසන මල්වතු-අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු සෙමින්.

හැඟුම්බර වි කටයුතු කළහොත් එය අන්තවාදීන්ට මෙන්ම ලෝක බලවතුන්ටද ශ්‍රී ලංකාව දඩ බීමක් බවට පත් කර ගැනීමට රුකුලක් වන බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

අනවශ්‍ය පරිදි බිය වි කටයුතු නොකළ යුතු බවත් දරුවන් නිසි පරිදි පාසලට යොමුකළ යුතු බවත් මෙන්ම වෙසක් උත්සවයද සැමරීය යුතු බවත් උන්වහන්සේ පවසයි.

වැඩිදුරත් අදහස් දැක්වු රතන හිමියන් පසුවේ ශ්‍රී ලංකාව සෞදි ආරාබි සංකෘතියක් බවට පත් කර නොගත යුතු බවයි.

මෙරට මුස්ලිම් රටක් බවට පත් කිරීමට කිසිදු අවස්ථාවකදි ඉඩ නොදෙන බවද උන් වහන්සේ පවසයි.

එමෙන්ම රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරේහිව විශ්වාස භංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරපත් කිරීමට බලාපොරොත්තුවන බවද උන්වහන්සේ පැවසීය.

Read more

Local News