මේ පුද්ගලයා දන්නවනම් වහාම කියන්න

Share

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ආරක්‍ෂිතව පුපුරුවා හැරීමකටලක්කළ වෑන් රථය මිලදී ගැනීමට සහයෝගය දැක්වූ හා වෑන් රථයේ ආසන සකස් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජනසහාය ඉල්ලා සිටියි.

කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීම සිදුකිරීමට බෝම්බකරු පැමිණි වෑන් රථය කිංස්බරි හෝටලයේ පිපිරීම සිදුකරගත් ත්‍රස්තවාදියා විසින් මිලදීගෙන තිබූ එකක් බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

අදාළ වෑන් රථය මිලදී ගැනීමට සහයෝගය දැක්වූ හා එහි ආසන සකස් කිරීමට සහයෝගය දැක්වූ පුද්ගලයා පිළිබඳ පුද්ගලයන් සිවුදෙනෙකු සාක්‍ෂිලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇසින් දුටු සාක්‍ෂිකරුවන් සිවු දෙනාගේ ප්‍රකාශ මත පොලිස් අපරාධවාර්තා කොට්ඨාසයේ නිලධාරියෙකු චිත්‍ර 04ක් නිර්මාණය කළ බවද හෙතෙම පවසා සිටියේය.

වයස අවුරුදු 35ත්,40ත් අතර පසුවන මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, 011-2422176, 011-2392900යන දුරකථන අංකවලට හෝ ළඟම පොලීසියට දැනුම් දෙනලෙස ඉල්ලා සිටියි.

Read more

Local News