ඉන්දියාවේ තවත් වසර 5කට LTTE සංවිධානය තහනම් කෙරේ

Share

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්දියාව තුළ නීතිවිරෝධී සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම තවත් වසර 5 කට දීර්ඝ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දැඩි ඉන්දීය විරෝධිමත දරණ නිසා එය ඉන්දීය ජනතාවගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි.

එහිදි ඔවුන් සඳහන් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නීති විරෝධි සංවිධානයක් ලෙස නම් කිරිම අත්‍යවශ්‍ය බවයි.

තමිල්නාඩු ප්‍රන්තයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දක්වන පිරිසගේ වර්ධනයක් ඇති වීම මෙයට හේතු වී ඇති බවයි ඔවුන් පවසයා ඇතතේ.

2009 වසරේදි යුදමය පරාජයෙන් පසුවවත් ඔවුන්ගෙන් ඊලාම් සිහිනය මඟ හැරි නොමැති බවත්, මෙම පිරිස ඔවුන්ගේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා රහසිගතව ආධාර එකතු කිරිම සහ මතවාද ව්‍යාප්ත කරමින් සිටින බවයි ඉන්දීය මාධය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙ වන විට ඉතුරුව සැඟවී සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානය නායකයින් නැවත ප්‍රතිසංවිධානය වීමට උත්සහ කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

Read more

Local News