නිතී විරෝධිව මෙරට සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 ක් අත්අඩංගුවට

Share

ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු මල්වාන සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී  අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මල්වාන ප්‍රදේශයේදී ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි තවත් බංග්ලාදේශ ජාතිකයින් 09 දෙනෙකු සපුගස්කන්ද සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබෙන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News