වසර 2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Share

අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ, වසර 2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් බවත් අනතුරු හේතුවෙන් මරණ 201ක් සිදුව ඇති බවයි.

වසර 2014 දී සිදු වූ අනතුරු සංඛ්‍යාව 35966ක් ද 2015 දී අනතුරු 35160ක් ද 2016 දී 35199ක් ද සිදුව තිබේ. අනතුරු නිසා සිදු වූ මරණ 2016 දී 3233ක්, 2014 දී 2440ක්, 2015 දී මරණ 2816ක් සිදුව ඇති බවද අමාත්‍යවරයා කීය.

අනතුරුවලට බලාපා ඇති හේතු කවරේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අමත්‍යවරයාගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරුදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට හේතු ගණනාවක් බලපාන බවත් වාහනවල සංඛ්‍යාවේ වර්ධනය, මාර්ගවල තත්ත්වය, මෙන්ම ත්‍රීවීල් රථ මාර්ග අනතුරු සඳහා බලපා ඇති බව පැවසී ය.

Read more

Local News