වැල්ලවායේ දරුවන්ගේ අපූරු දන්සල – ඡායාරූප

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හදපානාගල ආදාවෙලයාය ප්‍රදේශයේ පුංචි දුවා දරුවන් පිරිසක් අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් අපූරූ දන්සැලක් මේ දින වල සිදු කරමින් සිටී.

මෙම දුවා දරුවන් විසින් වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් හට වෙසක් කූඩු සෑදීම සඳහා අවශ්‍ය උණබට සහ සව් කොල දන්සැලක් පවත්වනු ලබයි.

මේ සඳහා ආදාවෙලයාය ප්‍රදේශයේ පුංචි දුවා දරුවන් රැසක්ම සහභාගි වී ඇති අතර ඔවුන් වයස අවුරුදු දහතුනට අඩු දරුවන් වීමද විශේෂයකි.

මෙම දන්සැල පවත්වන ස්ථානයට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගි වන අතර එක දිගට දින හතරක් දැනට මෙම දරුවන් විසින් මෙම දන්සැල පවත්වා තිබේ.

එළඹෙන පෝය දින දක්වාම මෙම දන්සැල පවත්වාගෙන යන බව එම දුවා දරුවන් පවසන අතර මේ සඳහා අධාර උපකාර ඔවුන්ගේ දෙමාපියන් සහ ප්‍රදේශයේ ජනතාව ලබා දී තිබේ.

           

Read more

Local News